ශ්‍රී ලංකා – ෆින්ලන්ත ශක්තිමත් සබඳතාවකට අගමැති නිල සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (05) ජර්මනියේ පෞද්ගලික සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත ය.

ජර්මනියේ, බර්ලින් නුවර සංචාරයෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ලබන 09 වන දා සිට ෆින්ලන්තයේ නිල සංචාරයක් සඳහා එක්වනු ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනු ලැබේ.

ෆින්ලන්තය හා ශ්‍රී ලංකාව අතර සබඳතා තහවුරු කරලීමත්, වෙළෙඳ, ආර්ථික, කර්මාන්ත ආදී ක්ෂේත්‍රයන් තුළ නව සබඳතා ඇති කර ගැනීමත් අරමුණු කර ගනිමින් පැවැත්වෙන මෙම සංචාරයේ දී වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස ෆින්ලන්තයේ, හෙල්සින්කි නගරයේ දී ෆින්ලන්ත අග්‍රාමාත්‍ය යුහා සිපිලර් (HE Juha Sipilä) මහතා ඇතුලූ ඉහළ පෙළේ නායකයින් සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අතිරේක ලේකම් යුරේෂා ප්‍රනාන්දු, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද ෆින්ලන්ත සංචාරයට එක්වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *