සංචාරක නායකත්ව සමුළුව ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතීන්ගේ සංචාරක සංවිධානය වසරක් පාසා පවත්වන ලෝක සංචාරක දිනය හා සමගාමීව ශී‍්‍ර ලංකාවේ පැවැත්වෙන ,සංචාරක නායකත්ව සමුළුව 2017, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී ආරම්භ කෙරිණි.

සංචාරක ක්ෂේත‍්‍රය හා ඊට සම්බන්ධ විද්වතුන්, වෘත්තීයවේදීන් සහ රාජ්‍ය ප‍්‍රතිපත්ති සකසන සියලු නිලධාරින්ගේ සහය ඇතිව ජාතික කතිකාවතක් නිර්මාණය කොට ඒ හරහා කාලෝචිත ජාතික ප‍්‍රතිපත්ති සැකසීම සහ කි‍්‍රයාවට නැංවීම සඳහා දායකවීම මෙම සමුළුවේ අරමුණ වන අතර අන්තර්ජාතික පර්යේෂණ පරිසංවාධය මගින් විද්වතුන් හා වෘත්තීයවේදීන්ට පර්යේෂණ පති‍්‍රකා හා යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව ද මෙහිදී සැලසේ.

තෙවන වරටත් පැවැත්වෙන සමුළුව සංචාරක හා කි‍්‍රස්තියානු ආගමික කටයුතු අමාත්‍යාංශය සහ කොළඹ විශ්වවිද්‍යාලය එක්ව සංවිධානය කර තිබෙන අතර ,සංවර්ධනය සඳහා තිරසර සංචාරක ව්‍යාපාරය ශී‍්‍ර ලංකාවේ ඉදිරි ගමන, යන තේමාව යටතේ මෙවර එය පැවැත්වේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතා විසින් මෙහි ප‍්‍රථම දේශනය සිදු කරනු ලැබීය.

විශේෂ තැපැල් මුද්දරයක් නිකුත් කිරීම ද සිදු කෙරුණු අතර සංචාරක කර්මාන්තය වෙනුවෙන් අසම සම සේවාවක් ඉටු කළ විශිෂ්ටයින් සම්මානයෙන් පිදුම් ලැබීම ද සිදු කෙරිණි.

ඒ යටතේ ආදිවාසී ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ, ජ්‍යෙෂ්ඨ සූපවේදී දිමුතු කුමාරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ජනාධිපතිතුමා අතින් සම්මාන ලබා ගත්හ.

සංචාරක හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, අමාත්‍යාංශයේ ලේකම් ඇසළ වීරකෝන් යන මහත්වරුන් ඇතුළු දෙස් විදෙස් විද්වත් පිරිසක් මෙම සමාරම්භක උත්සවයට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *