කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථානය අතර අද (06) පැවැත්වෙන පළමු දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිළ තීරණය කර ඇත.

තරගය ඩුබායි හිදී පැවැත්වේ.

පළමු ටෙස්ට් තරගය ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට තරගාවලියේ එකට බිංදුවක් ලෙස පෙරමුණේ පසුවේ.

මීට පෙර පකිස්ථාන කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී කිසිදු ටෙස්ට් තරගයක් පරාජයට පත්ව නොතිබීම ද විශේෂත්වයකි.

අද ආරම්භ වන තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත හොත් පකිස්ථාන කණ්ඩායමට 07 වන ස්ථානයට පත්විමට සිදු වන අතර ශ්‍රී ලංකා කණ්ඩායමට 06 වන ස්ථානය ලබාගත හැකි වේ.

අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලහිරු තිරිමාන්න ක්‍රීඩා නොකරන අතර ඒ වෙනුවට සධීර සමරවික්‍රම ටෙස්ට් වරම් හිමිකරගෙන තිබේ. එමෙන්ම පළමු තරඟයේ ක්‍රීඩා කළ ලක්ෂාන් සඳකැන් වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු ගමගේ කණ්ඩායමට කැඳවා තිබේ.

පකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් හසන් අලී වෙනුවට වහාබ් රියාස් කැඳවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × two =