මිනිසාට ගොදුරක් වු යෝධ පිඹුරා

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ වගා භූමියක පිවිසුම් මාර්ගයක් හරහා සිටිය දී අඩි 26ක් පමණ දිග මෙම පිඹුරා අල්ලා ගැනීමට ආරක්ෂක නිලධාරියෙකු සමත්වි තිබේ.

පිඹුරා ආරක්ෂක නිලධාරියාට පහර දී ඇති අතර ගම්වාසීන් කිහිප දෙනෙකුගේ ද සහාය ඇතිව මෙම යෝධ පිඹුරා මරා දැමීමට ඔවුන් හැකිවී ඇතැයි වාර්තා වේ.

රොබට් නබාබාන් නැමැති මෙම ආරක්ෂක නිළධාරියාට එහිදි බරපතළ තුවාල සිදු වී ඇති අතර ඔහු රෝහල් ගත කෙරුණි

ජාත්‍යන්තර මාධ්‍ය මේ වන විට මෙම සිද්ධියට විශාල ප්‍රචාරයක් ලබාදි තිබේ . මෙම පිඹුරා මාර්ගය හරා සිටිම නිසාවෙන් රථවාහන තදබදයක් සහ මෙන්ම මගීන්ට ද ගමන් කිරිමේ අපහසුතාවක් ඇතිවූ බව වාර්තාවේ.

සිද්ධියෙන් පසු ඔහු එය විස්තර කළ අන්දම – “මම පිඹුරව අල්ල ගන්න උත්සාහ කළා. ඌ මගේ අත හපා කෑවා. කොහොම හරි මම ඌත් එක්ක පොර බැදුව,” යනුවෙන් රොබට් නබාබාන් ඉන්දුනීසියානු මාධ්‍යයට පවසා ඇත.

ඔහු පිඹුරා අල්ලා ගැනීමට උත්සාහ කළේ ඇයිදැයි යන්න පැහැදිලි වාර්තාවන් නොමැත. ඔහු ප්‍රකාශ කර ඇත්තේ පිඹුරා මාර්ගය හරහා සිටීම හේතුවෙන් මිනිසුන්ට එහි ගමන් කිරීමට නොහැකි තත්වයක් ඇති වු බවය.

බියට පත් ගම්වාසීන් හසුරාවා ගැනිම මෙම පුද්ගලයාගේ අවශ්‍ය තාව වී ඇති බව ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබු නමුත් තවත් මාධ්‍ය සඳහන් කර තිබුණේ ගමනා ගමනය සඳහා මාර්ගය නිදහස් කිරීම ඔහුගේ අරමුණ වූ බවයි.

ඔහු මේ වන විට රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී. ඔහුගේ වම් අතට බර පතල හානි සිදුවී ඇති අතර ඇතැම් විට අත කපා ඉවත් කිරීමට වෛද්‍යවරුන් තීරණය කළ හැකි බවත් වාර්තා වනවා.

කෙසේ නමුත් ගම්මුන් විසින් පසුව පිඹුරාව මාරා පුලුස්සා ඇති බවයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *