රථවාහන දඩ ගෙවන්න ‘අලුත් ක්‍රමයක්’

(කොළඹ, ලංකාපුවත්) – මේවනවිට දඩ පත්‍රිකා සඳහා මුදල් ගෙවා ආපසු රියදුරු බලපත්‍රය ලබාගැනීමේ ක්‍රමවේදය දුෂ්කර බැවින් එය වෙනස් කිරීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටිනා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

ඔහු කියා සිටියේ දඩපත්‍රකාව රැගෙන තැපැල්කාර්යාලයට ගොස් එය ගෙවා ආපසු පොලිසියට පැමිණිම තරමක් දුෂ්කර ක්‍රයාවක් බවය. ඉදිරියේදී ඔන්ලයින් ක්‍රමයට මෙම දඩ මුදල් ගෙවාලීමට අවස්ථාව ලබාදීමට මෙම සාකච්ඡා පැවැත්වෙන බව ඔහු ප්‍රකාශ කළේය.

මෙම ක්‍රමය හඳුන්වා දුනහොත් එවෙලේම දඩ මුදල ගෙවා රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව උදාවිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *