රෝස පන්දුවෙන් ශ්‍රී ලංකාව ප්‍රථම දිවා රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරගයට සුදානම්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව තම ටෙස්ට් ඉතිහාසයේ සහභාගි වන ප්‍රථම දිවා රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (06) ඩුබායිහිදී පැවැත්වීමට නියමිතය.

එම තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවන හා අවසන් ටෙස්ට් තරගය වේ.

සාමාන්‍යයෙන් ටෙස්ට් ක්‍රිකට් තරග සඳහා රතු පැහැති පන්දු යොදා ගත්ත ද දිවා රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරග සඳහා භාවිත කරනු ලබන්නේ රෝස පැහැති පන්දුය. ඊට හේතුව රාත්‍රි කාලයේ රතු පන්දුව නිසි ලෙස දර්ශනය නොවීමය.

ඒ සඳහා සුදු පැහැති පන්දු යොදා ගනු නොලබන්නේ ටෙස්ට් ක්‍රීඩකයන්ගේ ඇඳුම ද සුදු පැහැති වන බැවිනි.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට වැඩි ආකර්ෂණයක් දිනා ගැනීමේ අරමුණින් දිවා රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරග හඳුන්වා දුන් අතර 2015 වසරේ නොවැම්බර් මාසයේ ප්‍රථම දිවා රාත්‍රි ටෙස්ට් තරගය ඕස්ට්‍රේලියාවේ පැවැත්විණි.

ශ්‍රී ලංකාව දැන් සහභාගි වන්නේ ලෝකයේ 6 වැනි දිවා රාත්‍රි ටෙස්ට් තරගයට වන අතර පාකිස්තානය පසුගිය වසරේ සිය ප්‍රථම දිවා රාත්‍රි ටෙස්ට් තරගයට සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *