සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය බ්‍රිතාන්‍ය ලේඛක කසුවෝ ඉෂිගුරෝ ට

(කොළඹ, ලංකාපුවත්) –බ්‍රිතාන්‍ය ලේඛක කසුවෝ ඉෂිගුරෝ 2017 වසරේ සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට සමත්විය.

ජපන් සම්භවයක් සහිත ඔහු ග්‍රන්ථ 8ක් රචනා කරමින් සාහිත්‍යයට සිදුකළ සේවය අගය කරමින් නොබෙල් ත්‍යාගය පිරිනමා ඇත.

ඔහු රචනා කළ ග්‍රන්ථ භාෂා හතලිහකට අධික සංඛ්‍යාවකට පරිවර්තනයකර තිබේ.

හැටදෙහැවිරිදිවියේ පසුවන මෙම සාහිත්‍යධරයා 1989 වසරේදී පළකළ ද රිමේන්ස් ඔෆ් ද ඩේ නවකතාව වෙනුවෙන් බුකර් සම්මානය ද දිනාගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *