හම්බන්තොට උණුසුම් වෙයි – 26 ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – හම්බන්තොට ඉන්දීය කොන්සල් කාර්යාලය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණය විසුරුවා හැරීමට පොලීසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් එල්ල කර තිබේ.

විරෝධතාකරුවන් 26 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වේ.

හම්බන්තොට වරාය සහ ගුවන්තොටුපොළ විකිණිමට විරෝධය පාමින් අද (06) හම්බන්තොට නගරයේ පැවැත්වීමට නියමිත විරෝධතාවය, වළක්වාලමින් අධිකරණ නියෝගයක් ද නිකුත් කර තිබුණි.

නමුත් විරෝධතාවය උදෑසන 10 ට පමණ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි විරෝධතාවයේ සංවිධායකයින් පවසාන ලදි.

මේ අතර විරෝධතාව අතරතුර හටගත් නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් පොලිස් නිළධාරින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two + 4 =