තායිලන්ත භූමිබෝල් රජුගේ දේහයේ අවසන් කටයුතු ලබන 26 වනදා

(කොළඹ, ලංකාපුවත්) –අභාවප්‍රාප්ත වූ තායිලන්තයේ භූමිබෝල් අදුල්යාදෙජ් රජතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා දහස් ගණනක ජනතාව තායිලන්ත රජ මාළිගයට පැමිණෙන බව වාර්තාවේ.

රජතුමාට මහජන ගෞරව දැක්වීම සදහා ලබා දී තිබූ කාලය අදින් (06) අවසන්වනු ඇත.

එළඹෙන 26 වනදා රජතුමාගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.

පසුගිය වසරේ ඔක්තෝබර් මස 13 වනදා අභාවප්‍රාප්ත වූ භූමිබෝල් රජතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මිලියන 12කට වැඩි පිරිසක් පැමිණි බව විදෙස් වාර්තා සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *