දිල්ලියේ ගිනිකෙළි විකිණීම තහනම්

(කොළඹ, ලංකාපුවත්) – දීපාවලී උත්සවයට සමගාමීව ඉන්දියාවේ දිල්ලි නගරයේ ගිනිකෙළි විකිණීම තහනම් කර තිබේ.

වායු දූෂණය අවම කිරීම සදහා මෙම පියවර ගත් බව ඉන්දීය රජය පවසා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මෙම රතිඤ්ඤා විකිණීමේ තහනම නොවැම්බර් පළමුවනදා තෙක් බලපැවැත්වෙන බව වාර්තා වේ. තහනම් නියෝගය ලබා දී ඇත්තේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසිනි.

දිල්ලි නගරය හා අවට ප්‍රදේශ රැසකම මෙසේ ගිණිකෙළි විකිණීම තහනම් කර තිබේ.

පසුගිය වසරේ දීපාවලී උත්සවයේ දී ගිණිකෙළි භාවිත කිරීමෙන් පසු දිල්ලි නගරයේ වායු දූෂණය ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වූ බව වාර්තා වේ. එවැනි තත්ත්වයක් වාර්තා වූයේ වසර 10 කට පසු බව එරට වාර්තා සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *