මහනගර,ප්‍රාදේශීය,නගර සභා සංශෝධන පනත් කෙටුම්පත් සම්මත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – මහනගර සභා, ප්‍රාදේශීය සභා සහ නගර සභා සංශෝධන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ සම්මත වේ.

අදාළ කෙටුම්පත් අද (09) පාර්ලිමේන්තුවේ දී දෙවැනිවර කියවීමේ විවාදයට ගැණුනි.

දෙවැනිවර කියවීමේ විවාදය පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් ආරම්භ කළේ ය.

විවාදය ආරම්භ කරමින් අඳහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

“ නව ඡන්ද ක්‍රමය තුළ තාක්ෂණික සංශෝධනයක් තිබෙන්නේ. සමානුපාතික ක්‍රමයට හා කොට්ඨාස ක්‍රමයට අමාත්‍යවරයාට සංස්ථාපනයේ දී බලය තිබීම අවශ්‍යයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ පළාත් පාලන ඡන්ද ක්‍රමය පනතේ සීමා නීර්ණ කටයුතුවල අඩුපාඩු තිබුණා.රටට දූෂිත මනාප ක්‍රමය තිබුණා. මිශ්‍ර ක්‍රමයක් තුළින් ඡන්දය තියන්න හැකියාව තිබෙනවා. ඡන්දය කල්දමන්න අවශ්‍යතාවක් නෑ. සහතික වෙනවා. මෙම සංශෝධන සමඟ ජනවාරිවල ඡන්දය පවත්වනවා“ යැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *