හමුදාවට කාන්තා කැඩෙට් නිලධාරිනියන් කැඳවයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට කාන්තා කැඩෙට් නිලධාරිනියන් බඳවාගැනීම සඳහා යුද්ධ හමුදා මූලස්ථානය විසින් අයදුම්පත් කැඳවා ඇත.

වැඩි විස්තර සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිළ වෙබ් අඩවියේ (www.army.lk) මුල් පිටුවෙහි ‘අප හා එක්වන්න’ තිරුව හරහා අයඳුම්පත් බාගත කරගත හැකිය.

2017 ඔක්තෝබර් මස 25 වන දින දක්වා අයදුම්පත් භාරගනු ලැබේ.

වයස අවුරුදු 18ත් 22ත් අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන්විෂයයන් දෙකක් සමත්ව ඇත්නම් සහ පාසල් විෂය බාහිර කටයුතු හෝ ක්‍රීඩාවේ දස්කම් දක්වා ඇති තරුණියන්ට මේ සදහා අයදුම් කළ හැකිය.

මාස 12ක පුහුණුව අවසානයේ දී අධිකාරිලත් නිලධාරිනියක් ලෙස පත්වීම් සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *