කැලිෆෝනියාවේ ලැව් ගිනි හේතුවෙන් 10කට ආසන්න පිරිසක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හටගත් ලැව්ගිනි හේතුවෙන් 10 දෙනෙකුට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වී තිබේ.

වයින් නිෂ්පාදනයට ප්‍රසිද්ධියක් උසුලන වන ප්‍රදේශයක මෙම ලැව්ගිනි හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

තුවාල ලැබුවන්ද සිටින බව සදහන් වේ. තවත් බොහෝ දෙනෙකු අතුරුදන් වී ඇති අතර විශාල පිරිසක් ඔවුන්ගේ නිවාසවලින් ඉවත්කර තිබේ.

නාපා, සොනෝමා, සහ යූබා ප්‍රදේශවල මිදි වතුවලට ගින්න ව්‍යාප්ත වීමත් සමග 20,000ක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.

ගින්නෙන් ගොඩනැගිලි 1,500ක් පමණ විනාශ වූ බව කැලි‍ෆෝනියාවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

පවතින කාළගුණ තත්වය ගින්න මැඩපැවැත්වීමට බාධාවක් බවයි ගිනි නිවීම් සේවා අංශ ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *