(කොළඹ, ලංකාපුවත්) – අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30 ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගම හරහා විශුද්ධිකරණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ විත්තිකාරියක වන බටපොළ ආරච්චිගේ ඔනෙල්ලා ඉරේෂා ද සිල්වා නැමැත්තිය කටුනායක ගුවන් තොටුපොලේදී අද (10) අත්අඩංගුවට ගෙන ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ඇතුළු හය දෙනකුට එරෙහිව මෙම නඩුව පවති.
ඉරේෂා ද සිල්වා නමැත්තිය ඇතුළු මෙම නඩුවේ විත්තිකරුවන් තුන් දෙනෙකු රටින් පලාගොස් තිබුණි.
ඉරේෂා සිල්වා නඅමැත්තියට ජාත්‍යන්තර පොලිසිය මගින් වරෙන්තු නිකුත් කර තිබුණි.
නඩුව විභාග කරන කොළඹ මහාධිකරණය තීරණය කළේ ඔවුන් නොමැතිව නඩුව පවත්වාගෙන යාමටය. කෙසේවෙතත් විදේශයක සිට ශී‍්‍ර ලංකාවට පැමිණි අවස්ථාවේ ඉරේෂා ද සිල්වා නමැත්තිය අද අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය ගවර්ස් කෝපරේට් සමාගමේ අධ්යක්ෂවරියකද බව විමර්ශනවලින් හෙළිව ඇත.