ස්පාඤ්ඤයේ කසළ කන්දක ගින්නක්

(කොළඹ, ලංකාපුවත්) –ස්පාඤ්ඤයේ කසළ කන්දක ගින්නක් හටගෙන තිබේ. එය මැඩපැවැත්වීමට ගිනි නිවන භටයින් සිය ගණනක් යොදවා ඇති බව වාර්තාවේ.

ස්පාඤ්ඤයේ දකුණුදිග ප්‍රදේශයේ පිහිටි කසල කන්දක මෙම ගින්න හටගෙන ඇත.

වර්ග මීටර් 5,000ක පමණ ප්‍රදේශයක් පුරා ගින්න පැතිරගොස් තිබේ.

කසළ කන්දේ වැඩි වශයෙන් තිබී ඇත්තේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය බව ද වාර්තා වේ.

කසළ කන්දේ ගින්න සමග හටගත් දුමාරය කිලෝමීටර් දහයක පමණ ප්‍රදේශයක් පුරා පැතිරගොස් තිබේ. ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයින්ද යොදවා ඇති බව එරට වාර්තා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *