(කොළඹ, ලංකාපුවත්) –ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේත්‍ෂා කරන බවත් දිවයින පුරා අහස වළාකුළින් බරව පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනු ලැබේ.
එසේම දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තරමක තද වැසි බලාපොරොත්තු වේ.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකිය. එසේම අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලැබේ.