කැනඩාව හිමෙන් වැසි යයි

(කොළඹ, ලංකාපුවත්) –කැනඩාවේ හිම කුණාටු ඇති වීමේ අවධානමක් පවතින බව එරට කාලගුණ බලධාරින් සදහන් කර ඇත.

දැඩි හිම පතනයක් හා අධික සුළි කුණාටුවක් ඇති වීමේ අවධානමක් ඇති බව ඔවුන් පෙන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සමාන්‍යයෙන් සෑම වසරකම සැප්තැම්බර් අග කැනඩාවට හිම පතිත වේ. නමුත් මෙවර එය දරුණු ලෙස පතිත වනු ඇති බවට අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *