දෘශ්‍යාබාධිත තැනැත්තන්ගේ වෙනුවෙන් ඉදිවන ශ්‍රවණාගාරයට ජනපතිගෙන් මුදල්

(කොළඹ, ලංකාපුවත්) –ජාත්‍යන්තර සුදු සැරයටි දිනය වෙනුවෙන් පවත්වන කොඩි අලෙවි සතියේ සමාරම්භය සනිටුහන් කරමින් පළමු කොඩිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළැදවීම අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති සරත් කුමාර මඩුගස්වත්ත මහතා අතින් ගරු ජනාධිපතිතුමා වෙත කොඩිය පැළදවීම සිදුවූ අතර ජාත්‍යන්තර සුදු සැරයටි දිනය සංකේතවත් කරමින් ගරු ජනාධිපතිතුමා අතින් දෘෂ්‍යාබාධිතයන් වෙත සුදු සැරයටි පිළිගැන්වීම ද සිදුවිය.

මෙහිදී දෘශ්‍යාබාධිත ප්‍රජාවට බලපාන ගැටලූ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අතර එම ගැටලූ ඇතුළත් සංදේශයක් ජනාධිපතිතුමා වෙත භාරදීම ද සිදුවිය.

දෘශ්‍යාබාධිත තැනැත්තන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඉදිකරමින් පවතින ශ්‍රවණාගාරය සම්පූර්ණ කරගැනීමට රුපියල් ලක්ෂ 17ක මුදලක් අවශ්‍ය බවට එම මණ්ඩලය විසින් ජනාධිපතිතුමා දැනුවත් කිරීමෙන් අනතුරුව එම ගොඩනැගිල්ල කඩිනමින් ඉදිකිරීමට රුපියල් ලක්ෂ 20ක මුදලක් එම අවස්ථාවේදීම එම මණ්ඩලය වෙත පිරිනැමීමට ද ජනාධිපතිතුමා කටයුතු කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති සරත් කුමාර මඩුගස්වත්ත, එහි ලේකම් පද්මකුමාරි කරුණාතිලක ඇතුඑ එම සංගමය නියෝජනය කරමින් සාමාජිකයන් පිරිසක් ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *