නාමල්ගේ ගවර්ස් කෝපරේට් ඉරේෂාට ඇප

(කොළඹ, ලංකාපුවත්) –පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සමාගමේ අධ්‍යක්ෂකවරියක වන ඉරේෂා ද සිල්වා මහත්මිය ඇප මත නිදහස් කර තිබේ.

එහිදී ඇයට රුපියල් ලක්ෂ 05ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 05ක ශරීර ඇප මත මුදා හැරීමටෙ නියෝග කෙරුණු අතර විදෙස් ගමන් තහනමක්ද පනවා ඇත.

අධිකරණය මගහැර රටින් පලාගොස් සිටියදී ජාත්‍යන්තර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ශී‍්‍ර ලංකාවට එවනු ලැබූ බටපොළ ආරච්චිගේ ඔනෙල්ලා ඉරේෂා ද සිල්වා නමැත්තිය අද (10) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කෙරුණි.

ඩුබායි සිට ලංකාවට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඇය අද(10) උදෑසන කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගන්නා ලදි.

ඉරේෂා ද සිල්වා නමැත්තිය ඇතුළු මෙම නඩුවේ විත්තිකරුවන් තිදෙනෙකු රටින් පලාගොස් ඇති බව අධිකරණයේදී මීට පෙර ප‍්‍රකාශ කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *