අපේ රටේ දේශපාලන සිරකරුවන් නෑ – ඇමතිනී තලතා

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව තුළ දේශපාලන සිරකුරුවන් නොමැති බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මේ බව කියා සිටියේ විදේශ රැකියා අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් ගාමිණි සෙනෙවිරත්න මහතා වැඩභාරගැනීමේ අවස්ථාවට ඊයේ(10) එක්වෙමිනි. විදේශ රැකියා අමාත්‍යංශයේදී එය පැවැත්වුණි.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරිය,

  1. ඇමතිතුමියනි, විදේශ ගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුපක් ලබාදෙනවා කියලා කතාවක් තිබුණා?

–              ඒ වෙනුවෙන් සියළු කටයුතු මේ වන විට අවසන් කරලා තියෙන්නේ. මේ වන විට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට අවශ්‍ය පනත් කෙටුම්පත් කරන්න යොමුකරලා තියෙන්නේ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගත යුතුයි.

  1. දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් තත්ත්වය කුමක්ද?

–              අධිකරණ අමාත්‍යංශය මේ වන විට රටවල් ගණනාවක් සමග ගිවිසුම් ඇතිකරගෙන තියෙනවා සහ අපි ඉක්මණින් තවත් රටවල් සම`ග සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. දේශපාලන සිරකරුවන් කියලා නෑ. සාමාන්‍ය සිරකරුවන් සම්බන්ධයෙන් ඒ රටවල්වල මෙහේ ඉන්න අයත්,

–              අපේ රටේ විදේශ රටවල ඉන්න සිරකරුවනුත් හුවමාරු කරන්න තමයි යන්නේ. දේශපාලන සිරකරුවන් කියලා කොහෙවත්ම නෑ.

මෙහිදී අදහස් දැක්වූ විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම් ගාමිණි සෙනෙවිරත්න මහතා, ‍

“අද දින විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස වැඩභාර ගැනීමේ අවස්ථාව හිමිවුණා. මේ අමාත්‍යංශය රටට විශාල ආදායමක් ගෙන එන, ඒ වගේම විශාල සේවාවක් කරන්න පුළුවන් අමාත්‍යංශයක්. ගරු අමාත්‍යතුමියගේ සහයෝගය හා ආශීර්වාදය යටතේ විගමණික ශ්‍රමිකයින්ට හා අමාත්‍යංශයේ සියළු අංශ සම්බන්ධයෙන් මානව හිතවාදීව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *