පරිභෝජනයට නුසුදුසු ආහාර වැටලීමේ කටයුතු අඛණ්ඩවම

(කොළඹ, ලංකාපුවත්) – පරිභෝජනයට නුසුදුසු ආහාර වැටලීමේ කටයුතු අඛණ්ඩවම සිදුවන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

මහා පරිමාණ හෝටල්වල භාවිත කර ඉවත දැමූ පොල්තෙල් අලෙවි කිරීමට තබා තිබියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ අනුවය. පිටකොටුව ප්‍රදේශයේ සිදුකළ මෙම වැටලීමේ දී පොල්තෙල් කඩ කිහිපයක්ම පරීක්ෂාවට ලක් කර ඇත.

එහිදී භාවිත කළ පොල්තෙල් අලෙවි කළ, කඩවලට මුද්‍රා තැබීමට කටයුතු කෙරුණි. එක් කඩයක ලීටර් සියයයේ බැරල් 100ක් සොයා ගැනීමට හැකි විය.

මෙවැනි ද්‍රව්‍ය මිලදී ගැනීමට පෙර ජනතාව සැළකිලිමත් විය යුතු බව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *