පාකිස්ථානය උමං දුම්රිය යුගයට පිවිසෙයි

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්ථානය වෙනුවෙන් චීනය නිෂ්පාදනය කළ ප්‍රථම උමං දුම්රිය පාකිස්ථානයට භාර දී ඇත.

පාකිස්ථානයේ දෙවැනි විශාලතම නගරය වන ලාහෝර්හිදි එම දුම්රිය පිළි ගැනීමේ උත්සවයක් පැවැත්විණි.

පාකිස්ථානය උමං දුම්රිය යුගයට පිවිසී ඇතැයි ඉන් සංකේතවත් වේ.

පසුගිය මැයි මාසයේ පැවති එක් තීරයක් එක් මාවතක් පිළිබඳ ජාත්‍යන්තර සහයෝගතා සමුළුවේදී චීන-පාකිස්ථාන ආර්ථික ආලින්දයේ ආදර්ශ ව්‍යාපෘතියක් ලෙස මෙම දුම්රිය නිෂ්පාදනය කිරිමට නියම කෙරිණ.

එම දුම්රිය ධාවනය කෙරෙන දුර ප්‍රමාණය කිලෝමීටර් 25.58කි. ඊට දුම්රිය ස්ථාන 26 ක් ඇතුළත් වන අතර එම දුම්රියේ ධාවන වේගය පැයකට කිලෝමීටර් 80කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − 7 =