සතියක් තුළ මොරගහකන්දට අක්කර අඩි එක්ලක්ෂ තිස් දහසක ජල ප්‍රමාණයක්

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය සතියක කාලය තුළ මොරගහකන්ද ජලාශයට අක්කර අඩි එක්ලක්ෂ තිස් දහසක ජල ප්‍රමාණයක් ලැබී ඇතැයි වාරි ව්‍යාපෘති කාර්යාලය කියයි.

මධ්‍ය කදුකරයේ ඉහල ජලාධාර ප්‍රදේශ වලට පසුගිය දිනවල වර්ෂාව ලැබීම හේතුවෙන් මොරගහකන්ද ජලාශයට ජලය ලැබී ඇති බව ව්‍යාෘතියේ මහජන සම්බන්ධතා නිළධාරී පී.ජී. දයානන්ද මහතා පැවසීය.

එමෙන්ම ව්‍යාපෘතියේ සුළු වැඩ කොටස් පමණක් ඉතිරීව ඇති බවත් එම කටයුතුද ඉතා කඩිනමින් අවසන් වනු ඇතැයි දයාන්ද මහතා සදහන් කළේය.

දැනට රැස්කල ජලය පහල කළාප වල ගොවි ජනතාවගේ අවශ්‍යතා සදහා කඩින් කඩ මුදාහරින බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *