2020 දී ලොව උසම ගොඩනැගිල්ල

(කොළඹ, ලංකාපුවත්) – දැනට ලෝකයේ ඉදිකොට ඇති උසින් වැඩිම ගොඩනැගිල්ල වන්නේ ඩුබායිහි ඉදිකොට ඇති බුරාජ් කලීෆා ගොඩනැගිල්ල වේ. එහි උස මීටර් 828 කි.

ඇන්ටනාවේ හා අකුණු සන්නායකයත් සමග එහි උස මීටර් 830 ක් වනු ඇත. එහි තට්ටු 163 ක් තිබේ. 2004 වසරේ වැඩ ආරම්භ කල මෙහි වැඩ අවසන් කෙරුනේ 2009 වසරේදී ය. 2010 දී එය විවෘත කෙරුණි. මෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 1.5කි.

එහෙත් 2020 වසරෙන් පසුව බුරාජ් කලීෆා ගොඩනැගිල්ල ලෝකයේ උසම දෙවන තැනට පත්වේ.

එයට හේතුව සවුදි අරාබියේ ජෙඩාහි ඉදිකරන ලොව උසම ගොඩනැගිල්ලේ වැඩ 2020 වසරේදී අවසන් වීමය.

‘කිංඩම් ටවර් ඔෆ් ජෙඩා’ යනුවෙන් නම් කොට ඇති මෙහි වැඩ ආරම්භ කලේ 2013 අප්‍රේල් පළමු වනදාය.මේ වන විට මෙහි වැඩ සෑහෙන ප්‍රමාණයක් අවසන් වෙමින් පවති.

මෙහි උස මීටර් 1000ක්(කිලෝමීටර්1ක්) උස මෙහි ඇන්ටනාව හා අකුණු සන්නයකය සමග උස ඊටත් වඩා වැඩි වීමට නියමිතය. මෙහි තට්ටු ප්‍රමාණය 167 ක් වන අතර ඒවා අතර ගමන් කිරීමට සෝපාන 59 ක් අන්තර්ගත වේ.

සවුදි අරාබියේ ඉදිකරන්න යෙදී ඇති නව වෙළඳ නගරයට සමගාමීව ඉතිකරන මෙම ගොඩනැගිල්ලේ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 1.3 කට ආසන්න වේ.

(හසිත හේරත්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 1 =