පොලිස්පතිගෙන් ශිෂ්‍යත්ව හපනෙකුට තෑගි

(කොළඹ, ලංකාපුවත්) – මෙවර 2017 ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ දෙවන ස්ථානයට පත් වූ සංජන නයනජිත් තෙන්නකෝන් සිසුවාට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් එම ජයග්‍රහණය අගය කරමින් ත්‍යාග ප්‍රදානයක් සිදු කළේය.

තුල්හිරිය ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන සංජන නයනජිත් තෙන්නකෝන් සිසුවා මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 197ක් ලබා ගත්තේය. ඔහු මඩකලපුව මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී සිදු කරන පොලිස් කොස්තාපල් ටී. එම්. පී. ජයරත්න නිලධාරියාගේ පුත්‍රයෙකි.

මෙහිදී මුදල් ත්‍යාග, නිල ඇදුම් කට්ටලයක් හා පාසැල් උපකරණ ද පරිත්‍යාග කරන ලදි.

පොලිස් මූලස්ථානයේ පොලිස්පති නිල මැදිරියේ දී මෙය ඊයේ(11) සිදු කෙරුණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 2 =