හාර්පික් ජාතික සනීපාරක්ෂක ව්‍යාපෘතියේ ප්‍රථම අදියර සම්පූර්ණයි

(කොළඹ, ලංකාපුවත්) –නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍යංශය සහ හාර්පික් එක්ව ජාතික සනීපාරක්ෂක ව්‍යාපෘතිය යටතේ 2017 වර්ෂයේ ඉදිකිරීමට නියමිත වැසිකිලි 100න් පළමු වැසිකිලි 35 ජනතා බාරයට පත්කරන ලදි.

මාර්තු මාසයේදී හාර්පික් ආයතනය නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍යංශය හා එක්ව ශ්‍රී ලංකාවේ නේවාසිකයන්ගේ සෞඛ්‍යාරක්ෂිත මට්ටම වැඩිදියුණුකිරීම සදහා ‘හාර්පික් සුවජනමෙහෙයුම’ ව්‍යාපෘතිය දියත්කරන ලදි. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ දිවයින පුරා වැසිකිලි 100 ක් ඉදිකිරීමට බලාපොරොත්තු වූ අතර ව්‍යාපෘතිය අවසානයේදී දිවයින පුරා වැසිකිලි 300 ක් ඉදිකිරීමට බලාපොරොත්තු වේ.

සෞඛ්‍යාරක්ෂිතභාවය සංකල්පය ප්‍රවර්ධනය කරමින් සිසුන් 800 කින් සමන්විත කටුනායක පීල්ලවත්ත ඩේවිඩ් ද සිල්වාවිද්‍යාලයට ද මෙම වැඩසටහන යටතේ නවවැසිකිලි පහසුකමක් ලබාදෙන ලදි. මෙම ව්‍යාපෘතිය ආරම්භයේ සිට ඊට නායකත්වය ලබාදුන් නගර සැලසුම් සහ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන ආකාරයට ‘සංවර්ධිත ශ්‍රී ලංකාවක් කරා ගමන් කිරිමේදී මෙම ගැටළුව කෙරේ වැඩි අවදානයක් නොලැබේ. පුද්ගලයින් 1000 කට අධික පිරිසකට පිරිසිදු සනීපාරක්ෂක පහසුකම්  සපයාදෙමින් මෙම වැඩසටහනේ ඉලක්කයවන වැසිකිලි 300ඉදිකිරීමඉක්මනින් සිදු කළ හැකිබව මට විශ්වාසයි. “

ජනගහනයෙන් ආසන්නවශයෙන් 2% ක් වැසිකිලි නොමැතිකම නිසා පීඩාවිදින අතර තවත් 2% ක් පොදු වැසිකිලි භාවිත කරයි. ශ්‍රී ලංකාවට 180,000 ක් පමණ වැසිකිලි අවශ්‍ය බව නගරසැලසුම්සහ ජල සම්පාදන අමාත්‍යංශය ඇස්තමේන්තු කර ඇත.

ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබදව අදහස් දක්වමින් රෙකිට් ඛෙන්කිසර් සමාගමේ ශ්‍රී ලංකා වාණිජ අධ්‍යක්ෂක සින්ක්ලෙයාර්  කෘෘස් මහතා කියා සිටියේ, “ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක ගැටළු  විසදීමෙහිලා බොහෝ දේවල් කිරීමට තිබේ. මෙම ව්‍යාපෘතිය අපි විසින් දියත් කරන ලද ව්‍යාපෘති කිහිපයකින් එකක් පමණක් වනඅතර මේ හරහා පොදුජනතාවගේ සනීපාරක්ෂාව දියුණු කරමින් සෞඛ්‍යාරක්ෂිත සමාජයක් බිහිකිරීමට  අපි ක්‍රියාකරන්නෙමු.” යනුවෙනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *