පහර කෑ මාධ්‍යවේදියා සක්‍රීය ලෙස විරෝධතාවේ සිටි අයෙක් – ඇමති සාගල

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය සතියේ හම්බන්තොට ප්‍රදේශයේ පැවැති විරෝධතා ව්‍යාපාරයකදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් පහරදුන් බව කියන මාධ්‍යවේදී සුසන්ත බණ්ඩාර කරුනාරත්න නැමැත්තා අදාළ විරෝධාවේ දී ක්‍රියාශීලීව ඒ සදහා සහභාගී වී ඇතැයි නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

මාධ්‍යවේදියෙකුගේ රාජකාරියේ යෙදී සිටියදී ඔහුට කිසිසේත් පහරදී නොතිබුණි. අධිකරණ නියෝගයක් තිබියදී අදාළ තැනැත්තා මෙම විරෝධතාව සදහා ක්‍රියාකාරීව මැදිහත්වීමෙන් පොලීසියට සමග ගැටුමකට තුඩුදුන් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි

පොලිස් නිලධාරියෙකු විසින් පහරදුන් බව කියන මාධ්‍යවේදී සුසන්ත බණ්ඩාර කරුණාරත්න නැමැත්තා විසින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ක්‍රියාශීලීව විරෝධතාවේ නිරතව සිටින ඡායාරූප පවතී.

නීතිය හරියටම දෙපාර්ශවයටම අදාළ විය යුතු අතර, මේ මොහොතේ තරුණයෙකුට පහර දීම ගැන අදාළ පොලිස් නිලධාරියා විවේචනයට ලක්ව ඇත. මාධ්‍යවේදියෙකු ලෙස විරෝධතාව ආවරණය කරමින් සිටි කරුනාරත්නට පහර නොදී සිටීම වැදගත් ය. නමුත් ඔහු උද්ඝෝෂණයට ක්‍රියාශීලීව දායක වෙමින් කටයුතු කිරීම පිළිබද සියළු දෙනා නිවැරදි අවබෝධයක් ලබා ගත යුතු යි. ” යනුවෙන් අමාත්‍ය සාගල රත්නායක මහතා පැහැදිලි ක‍ළේය.

පොලිස්පති පුජිත ජයසුන්දර මහතා, ප්‍රාදේශීය පොලිස් ප්‍රධානියාගෙන් මෙම සිද්ධිය පිළිබඳව වාර්තාවක් කැඳවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *