ෆින්ලන්ත සාර්ථක නිල සංචාරය නිමවා අගමැති දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – ෆින්ලන්තයේ නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණ තිබේ.

අද (12) අළුයම 1.30ට පමණ කටාර් ගුවන් සේවයට අයත් යානයකින් අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස කටුනායක ගුවන්තොටුපළට ළඟා වූ බව වාර්තාවේ.

ෆින්ලන්ත නිළ සංචාරය ආරම්භ කරමින් පසුගිය 09 වනදා එරටට ළඟා වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරයා ඇතුළු එරට ඉහළ පෙලේ නියෝජිතයින් රැසක් සමඟ ද්වී පාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *