තංගල්ල බන්ධනාගාරය සදුදා සිට අගුණුකොළපැලැස්සට

(කොළඹ, ලංකාපුවත්) – අගුණුකොළපැලැස්ස නව බන්ධනාගාරය ලබන සදුදා(16) විවෘත කෙරේ.

බන්ධනාගාර විතැන් කිරීමේ වැඩසටහන යටතේ තංගල්ල බන්ධනාගාරය විතාන් කිරීම සදහා ඉදිකරන ලද අගුණුකොළපැලැස්ස නව බන්ධනාගාරය ඉතා නවීනතම ආකාරයට ජාත්‍යන්තර බන්ධනාගාරවල පවතින ආකාරයට නිම කර ඇත.

එහි පිහිණුම් තටාකයක්, ක්‍රීඩා පිටියක්, නිලධාරින්ගේ දරුවන් සදහා පෙර පාසලක් හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් යන අංගයන්ගෙන් මෙම බන්ධනාගාර සංකීර්ණය සමන්විතය.

මෙම අගුණුකොළපැලැස්ස නව බන්ධනාගාරය, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්. එම්. ධනසිංහ මහතාගේ ආරාධනයෙන් අමාත්‍ය ස්වාමිනාදන් මහතාගේ සහ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ සහභාගීත්වයෙන් ලබන 16වනදා විවෘත කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *