බංග්ලාදේශ හිටපු අගමැතිවරියක අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

(කොළඹ, ලංකාපුවත්) – බංග්ලාදේශයේ විපක්ෂ නායිකා සහ හිටපු අගමැතිවරියක වන ඛලීඩා ෂියා අත්අඩංගුවට ගැනීම සඳහා එරට අධිකරණය වරෙන්තු නිකුත්කර තිබේ.

අල්ලස් සහ අපහාස චෝදනා සම්බන්ධ නඩු විභාග දෙකකට පෙනී සිටීමට අපොහොසත්වීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත්කර ඇතැයි වාර්තා වේ.

එරට සිතියම සහ ජාතික ධජය නොසලකා හැරීමේ චෝදනාවක් හේතුවෙන් පළමු වරෙන්තුව නිකුත් කෙරුණි. ඇගේ ස්වාමියා වන සියාවූර් රහමන්ගේ නමින් පවත්වාගෙන යන ළමා නිවාසයක අරමුදල් වංචා කිරීම සම්බන්ධ චෝදනාවකට දෙවන වරෙන්තුව නිකුත් කර ඇත.

හැත්තෑ දෙහැවිරිදි වියේ පසුවන ඛලීඩා ෂියා, මේ වනවිට බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක නිරතව සිටි.

ඇය සිය රටට පැමිණීම වැළැක්වීම සඳහා රජය යෙදූ කූඨ උපායක් බවට ඇගේ නීතීඥවරයා මේ පිළබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven + eleven =