ලිට්‍රෝ ගෑස් සමාගමට නව සභාපතිවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) – ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා පත් කර තිබේ.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් අනුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති හේමක අමරසුරිය මහතා විසින් අද(13) මෙම පත්වීම ලබා දී ඇත.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති එන්. එම්. එස්. මුණසිංහ මහතා ඉහත සමාගමේ විධායක සභාපතිවරයා ලෙස දැරූ බලතළ සියල්ල අත්හිටුවීමට අමාත්‍යාංශය විසින් පසුගිය 11 වන දා ක්‍රියා කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *