(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා එක්සත් ජනපදය යුනෙස්කෝ සංවිධානයෙන් ඉවත්වීමත් සමඟ ඊශ්‍රායලය ද ඉන් ඉවත්වන බව ප්‍රකාශකර තිබේ.
අමෙරිකාවේ තීරණය නිර්භීත සහ සදාචාරාත්මක බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත.
යුනෙස්කෝ සංවිධානය ඊශ්‍රායල විරෝධී පදනමක සිට කටයුතු කරන බවට චෝදනා කරමින්අමෙරිකාව මෙම තීරණයට එළඹුනි. එම සංවිධානය ලෝක උරුමයන් ආරක්ෂා කිරීම සඳහා කැපවී සිටින ආයතනයක් ලෙස ප්රකටව ඇත.
යුනෙස්කෝ සංවිධානය වෙත ලබාදෙන අරමුදල් ද කපාහැරීමට කටයුතු කරන බව අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ. එමෙන්ම එහි කඩිනම් ප්‍රතිසංස්කරණයන් ද සිදුවිය යුතු බව ඔවුන් පෙන්වා දෙයි.
අමෙරිකාව සිය සංවිධානයෙන් ඉවත්වීම පිළිබඳ කණගාටුවන බව යුනෙස්කෝ ප්‍රධානී අයිරින් බොකෝවා ප්‍රකාශ කර තිබේ.
අමෙරිකාව එම සංවිධානයෙන් නිල වශයෙන් ඉවත් වන්නේ 2018 වසරේ දෙසැම්බර් මාසයේදී බව සඳහන්ය.
අමෙරිකාවේ ඉවත්වීමට සමගාමීව තම රටද ඉන් ඉවත්වීම සඳහා කටයුතු සූදානම් කරන ලෙස සිය විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම්දුන් බව ඊශ්‍රායල අගමැතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබේ.