බදුල්ලේ සිට පැමිණ ජනපති හමුවූ කුඩා දැරිය

(කොළඹ, ලංකාපුවත්) – වයස අවුරුදු 07 ක් වන එම්. එන්. අමානි රායිදා කුඩා දැරිය බදුල්ලේ සිට සිය දෙමව්පියන් සමග කොළඹ පැමිණියේ ජනාධිපතිතුමා හමුවීමටය.

එහෙත් ජනාධිපතිතුමා හමුවීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි ජනාධිපතිතුමා හමුවනතුරු ඇය විශ්වාස කළේ නැත.

තමා හමුවීමේ බලාපොරොත්තුවෙන් කුඩා දියණියක් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සිටින බව ජනාධිපතිතුමාට දැනගන්නට ලැබිණි.

කෙතරම් කාර්ය බහුල තත්ත්වයක සිටිය ද තමන් හමුවීමට පැමිණි කුඩා දියණියගේ ආශාව ඉටුකරදීමට එතුමා මදකින්වත් පැකිළුණේ නැත.

නිලධාරින් යවා දැරිය තමා අසළට කැඳවූ ජනාධිපතිතුමා ඇයගේ ආ ගිය තොරතුරු විමසීය.

මහත් සෙනෙහසින් යුතුව ජනාධිපතිතුමා සමග පිළිසඳරක නිරත වූ දැරිය, තමා අතින් ඇඳි චිත‍්‍රයක් ද එතුමා වෙත පිළිගැන්වීය.

එපමණක් නොව එම චිත‍්‍රය බිත්තියේ එල්ලා ගන්නා ලෙස ද ජනාධිපතිතුමාට කීවාය.

එම අපේක්ෂාව ඉටුකරදීමට පමණක් නොව බදුල්ලට පැමිණි අවස්ථාවක නැවත හමුවීමටද ජනාධිපතිතුමා දැරියට පොරොන්දු වූයේ ඇයගේ සතුට දෙගුණ,තෙගුණ කරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *