ලබන සතියේ සිට සුපිරි වෙළෙඳසල්වලින් සහන මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ

(කොළඹ, ලංකාපුවත්) – ලබන සතියේ සිට සුපිරි වෙළෙඳසල්වලින් සහන මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමට පෞද්ගලික වෙළෙඳසල් හිමියන් සමඟ පැවති සාකච්ඡාවේ දී තීරණයකට පැමිණි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

හම්බන්තොට පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

වළව මහවැලි කලාපයේ ගොවි පවුල් දෙදහසකට ඉඩම් හිමිකම්පත් ප්‍රදානය කිරීම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ඉඩම් හිමිකම්පත් ලක්‍ෂයක් බෙදාදීමේ වැඩසටහනට සමගාමීව මෙය ක්‍රියාත්මක කෙරුණි.

වළව කලාපයේ විහාරස්ථාන දෙකක් සඳහා පූජා භූමි ඔප්පු විහාරාධිපති හිමිවරුන්ට ප්‍රදානය කිරීම ද අමාත්‍යවරයා අතින් සිදුකෙරුණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *