වියට්නාමයේ ගංවතුරින් සහ නායයෑම්වලින් 37ක් ජිවිතක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) – වියට්නාමයට බලපා ඇති අධික වර්ෂාව සමග හටගත් ගංවතුර සහ නායයාම්වලින් පුද්ගලයින් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

තවත් 40 දෙනෙකු අතුරුදන්ව තිබේ.

ගංවතුර සහ නායයාම්වලින් නිවාස දහසකට පමණ හානි සිදු ව ඇතැයි සදහ්නය.

වියට්නාමයේ උතුරු සහ මධ්‍යම ප්‍රදේශවල නිවර්තන අවපීඩන තත්ත්වයක් ඇතිවීමත් සමග දහස් ගණනක් ජනතාව නිවාසවලින් ඉවත් කර තිබේ. යෙන්බායි සහ හාබින් ප්‍රදේශවලට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වූ බව වාර්තා වේ.

පසුගිය සදුදා එරටට ඇතුළු වූ නිවර්තන අවපීඩන සුළි කුණාටුව ඉදිරි දින කිහිපයේ දී තවත් වර්ධනය විය හැකි බවට කාලගුණ අංශ අනතුරු අගවනු ලැබේ.

අතුරුදන්වූවන් සොයා සහන සේවා මෙහෙයුම් ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *