අන්තර් ජාතික මට්ටමෙන් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩිකිරීම ගැන කියන්න ඇමති තලතා සූදානමින්

(කොළඹ, ලංකාපුවත්) – 137වන අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමයේ ප්‍රධාන සැසිවරයට සහභාගී වීම සදහා අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පසුගියදා දිවයිනෙන් පිටත්ව ගියාය. රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර දී මෙය පැවැත්වේ.

මෙහිදී ඇය විසින් අන්තර් ජාතික මට්ටමෙන් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට නියමිතය. කාන්තා නියෝජනය වැඩි කිරීම සම්බන්ධ යෝජනාවන් ද එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

137වන අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමයේ ප්‍රධාන සැසිවරයට සහභාගී වීම සදහා කතානායක් කරු ජයසූරිය, අමාත්‍ය ලක්‍ෂ්මන් සෙනෙවිරත්න, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා සහ පාර්ලමේන්තු මහ ලේකම්වරයා ද සහභාගී වනු ඇත.

තලතා අතුකෝරළ අමාත්‍යවරිය ඉන් අනතුරුන බහමාස් රාජයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය අධිකරණ අමාත්‍යවරුන්ගේ වාර්ෂික සැසිවාරය සදහා ඔක්තෝබර් 16වනදා සිට 19වනදා දක්වා සහභාගී වීමට නියමිතය.

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *