කරුවලගස්වැව ස්වයං රැකියාලාභීන්ට රජයෙන් පහසුකම්

(කොළඹ, ලංකාපුවත්) – ග‍්‍රාමීය ජීවනෝපායන් වර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ ආණමඩුව – කරුවලගස්වැව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මකය.

ස්වයං රැකියා අවස්ථා ප‍්‍රවර්ධනය කරමින් නිවස, ගම කේන්ද්‍ර කරගත් කර්මාන්ත ඇති කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ.

ආහාර නිෂ්පාදනය, ඇගළුම්, විසිතුරු භාණ්ඩ, ආභරණ නිෂ්පාදනය ඇතුළු කර්මාන්ත රැ‍සක් මේ යටතේ ආරම්භ කිරීමට නියමිත බව කරුවලගස්වැව ප‍්‍රාදේශිය ලේකම් ජානක මහතා පැවසීය.. එම ව්‍යාපෘති සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන, පුහුණුව ඇතුළු අනෙකුත් සියළු අවශ්‍යතාවන් සපයන්නේ සමෘද්ධි ව්‍යාපාරය විසිනි.

මේ යටතේ ස්වයං රැුකියාවල මේ වන විටත් නිරත වෙමින් සිටින ජනතාව සවිබල ගැන්වීමටද පියවර ගෙන තිබේ. ඔවුන්ගේ අඩුපාඩු සපුරාලීමටද රජය පියවර ගෙන ඇති අතර එම කර්මාන්ත තවදුරටත් දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය තාක්‍ෂණික උපකරණ ප‍්‍රදානය කිරිම පසුගියදා කරුවලගස්වැව ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණ. ඒ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

කරුවලගස්වැව ප‍්‍රාදේශිය ලේකම් ජනක තුෂාර බාලසූරිය මහතා ඇතුළු එම කාර්යාලයේ නිලධාරී මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට සහභාගී වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − 5 =