කැලිෆෝනියාවේ ලැව් ගින්නෙන් මියගිය පිරිස 40 දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට බලපෑ ලැව් ගිනි හේතුවෙන් මියගිය පිරිස හතලිහ දක්වා ඉහළ ගොස් තිබේ.

කැලිෆෝනියාව පුරා ලැව් ගිනි දහසයක් පමණ මේ වන විට වාර්තා වී ඇත.

ගිනි නිවීම සදහා දස දහසක පමණ ගිනි නිවන භටයින් අනුයුක්ත කර තිබේ.

පැයට කිලෝ මීටර හැත්තෑවක පමණ වේගයෙන් සුළං හමා යන බැවින් ගිනි නිවීම අපහසු වී ඇතැයි සදහන් ය.

නිවාස තුන්දහසක් පමණ ගින්නෙන් විනාශ වී ඇති අතර ප්‍රදේශවාසීන්ට අවදානම් ස්ථානවලින් ඉවත් වන ලෙසට දැනුම් දී තිබේ.

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *