නිවිතිගල නාය යෑමක්

(කොළඹ, ලංකාපුවත්) – නිවිතිගල – කලවාන මාර්ගයේ පිංකන්ද ප්‍රදේශයේ අද(16) අළුයම සිදු වූ නාය යාමක් හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇතැයි පොලිසි මාධ්‍ය ප්‍රකාශක කර්යාලය සදහන් කරයි.

එබැවින් විකල්ප මාර්ග වශයෙන් හංගමුව හා පලාවෙල මාර්ගය භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාව හා රියදුරන්ට දැනුම් දෙයි.

මේ අතර ඊයේ (15) පෙරවරු 0230ට පමණ හැටන්, කුඩාගම ප්‍රදේශයේ නිවසක පිටුපසට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් එම නිවසේ කාමරයකට සහ වැසිකිලියට හානි සිදුව ඇත.

මෙයින් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර නිවසේ පදිංචි පුද්ගලයින්ව නිවසින් තාවකාලිවක බවත් කිරීමට කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 − two =