ශ්‍රී ලංකා රජයේ ක්‍රියාමාර්ග ගැන ඉන්දියාවේ ප්‍රසාදය

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ගැටළුව විසදීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ඉන්දීය රජයේ ඇගයීමට ලක්ව ඇත.

ධීවර ගැටළුව විසදීම සඳහා වන අමාත්‍ය මණ්ඩල මට්ටමේ සාකච්ඡාවක් නවදිල්ලියේදී පැවැති අතර ඊට එරට කෘෂිකර්ම සහ ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සහභාගී විය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු කණ්ඩායමක් ඒ සඳහා සහභාගී වී සිටි.

අදාළ සාකච්ඡාවෙන් අනතුරුව දෙපාර්ශවය ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්ව අදහස් පළ කළේය.

මෙහිදී ඉන්දියාව පවසා සිටියේ ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ගැටළුව විසදීම සඳහා ශ්‍රී ලංකා රජයේ කැපවීම අගය කරන බවය.

එසේම ශ්‍රී ලංකා අත්අඩංගුවේ පැවති ධීවර යාත්‍රා නිදහස් කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව ප්‍රසාදය පළ කළ කර ඇති ඉන්දීය ධීවර අමාත්‍යවරයා භාවිතයට ගත නොහැකි තත්ත්වයේ පැවති ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ ශ්‍රී ලංකා නාවික හමුදාවට ද විශේෂ ස්තූතිය පළ කර තිබේ.

බොටම් ට්‍රෝලිම් ක්‍රමය හේතුවෙන් සිදු වන පරිසර විනාශය පිළිබඳව ද ඉන්දීය ධීවර අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇති අතර එම ක්‍රමය භාවිතා කර ධීවර කටයුතු වල නිරත වන ධීවරයින්ට වෙනත් විකල්ප ක්‍රමවේද හඳුන්වා දී ඇති බව ද සදහන් කර ඇත.

එසේම ඉන්දියාවේ ධීවර වරායන් දෙකක් ධීවරයින් පුහුණු කිරීමේ කටයුතු සඳහා ද යොදාගෙන ඇති බව ද ධීවර අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *