“ඔෆීලියා” කුණාටුවෙන් එක්සත් රාජධානියට අවධානමක්

(කොළඹ, ලංකාපුවත්) – ඔෆීලියා සුළි කුණාටුවෙන් එක්සත් රාජධානියට බලපෑම් එල්ලවීමේ අවධානමක් පවතින බව බලධාරීන් පවසයි.

එය මේ වන විට, බ්‍රිතාන්‍ය දූපත් දෙසට ගමන් කරමින් ඇති බව වාර්තා වේ. ඔෆීලියා සුළි කුණාටුව මේ වන විට අත්ලන්තික් සාගරයේ අසෝර්ස් දූපත්වලින් ඔබ්බට ගමන් කරමින් තිබේ.

එහි සුළඟේ වේගය, පැයට කිලෝමීටර 145කි. එය අද දිවා කාලයේදී අයර්ලන්තය හරහා හමා යනු ඇතැයි, අපේක්ෂා කෙරේ.

එබැවින් එරට ජනතාවට පරීක්ෂාකාරීව සිටින ලෙස, බලධාරීන් අනතුරු අඟවා තිබේ.

අද දිනය තුළ දී අයර්ලන්තයේ වෙරළාසන්න ප්‍රදේශවල පාසැල් වසා දැමීමට ද පියවර ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එමෙන්ම, ගුවන් ගමන් වාර 50ක්ද අවලංගු කර ඇත. ඔෆීලියා සුළි කුණාටුව අද දිනය තුළ දී එක්සත් රාජධානියට ළඟාවනු ඇතැයි කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවනු ලැබේ.

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *