කාන්තාවන්ට වඩාත්ම අනතුරුදායක නගරය කයිරෝ

(කොළඹ, ලංකාපුවත්) –ලොව මහ නගර අතරින් කාන්තාවන්ට වඩාත්ම අනතුරුදායක නගරය ඊජිප්තුවේ කයිරෝ නුවර බව සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

ලොව පුරා කාන්තාවන් දස ලක්ෂයකට වැඩි පිරිසක් සහභාගී කරවා ගෙන කරන ලද සමීක්ෂණයකින් අනතුරුව නිකුත් කළ වාර්තාවක මේ බව දැක්වේ.

කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික හිංසනවලින් ආරක්ෂා වීම සදහා කෙතරම් ආරක්ෂාවක් සැලසෙනවාද යන්න එම සමීක්ෂකයින් සොයා බලා ඇත.

සමීක්‍ෂණය සඳහා මහනගර දහනවයක වෙසෙන කාන්තාවන් යොදාගෙන තිබේ.

කාන්තාවන්ට වඩාත්ම ආරක්ෂිත නගරය ලෙස වාර්තා වී ඇත්තේ ලන්ඩන් නුවරය. ටෝකියෝ සහ පැරිස් නගර පිළිවෙළින් දෙවන සහ තුන්වන ස්ථාන ලබාගෙන සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *