(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පැන වූ තරග තහනම ලිහිල් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.
තරග ගිවිසුමේ කොන්දේසි කඩ කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් ධනුෂ්ක ගුණතිලකට පසුගියදා තරග හයක තහනමක් පනවන ලදි. එමෙන්ම ඔහුගේ වාර්ෂික කොන්ත්‍රාත් ගාස්තුවෙන් 20%ක් දඩ මුදලක් ලෙස අය කරගැනීමට ද තීරණය කෙරුණි.
මෙම තහනම සම්බන්ධයෙන් සිංහල ක්‍රීඩා සමාජය අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
එය ක්‍රිකට් විධායක කමිටුව ඊයේ (16)පැවති රැස්වීමේ දී සාකච්ඡා කර ඇත. ඒ අනුව ඔහුට පැන වූ ජාත්‍යන්තර තරග හයක තහනම තරග තුනක් දක්වා ලිහිල් කිරීමටයි තීරණය වී ඇත.
ගිවිසුමේ වගන්ති උල්ලංඝනය කළහොත් එම වසර තුන සඳහා යළි තරග තහනම පැනවීමට ද නියමිතය.
කෙසේ වෙතත් ඔහුගේ වාර්ෂික කොන්ත්‍රාත්තුවෙන් දඩ මුදල් ලෙස අය කර ගැනීමට තීරණය වූ සියයට විස්සක මුදල එලෙසම ක්‍රියාත්මක කිරීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.