සෙබස්තියන් කර්ස් ඔස්ට්‍රියා මහමැතිවරණයෙන් ජය ගනී

(කොළඹ, ලංකාපුවත්) –සෙබස්තියන් කර්ස්, ඔස්ට්‍රියා මහමැතිවරණයෙන් ජයගනී.

ඒ අනුව ඔහු ලෝකයේ ලාබාලතම නායකයා ලෙස දිවුරුම් දීමට නියමිතය.

සෙබස්තියන් කර්ස් නායකත්වය දරන කොන්සවටිව් ජනතා පක්ෂය ඔස්ට්‍රියා මහමැතිවරණයෙන් ඉදිරියෙන්ම සිටි. තිස් එක් හැවිරිදි සෙබස්තියන් කර්ස් දැඩි මතධාරී පුද්ගලයෙකු බව වාර්තාවේ.

මේ වන විට ගණනය කළ ඡන්ද අනුව කොන්සවටිව් පක්ෂය බහුතර බලය දිනා නොගත්ත ද ඔවුන් වැඩි මනාප ලබා ගෙන ඇති බව එරට වාර්තා සදහන් කරනු ලැබේ.

රජයක් පිහිටුවීම සඳහා ඔවුන් සන්ධානගත වීමට අපේක්ෂා කරයි.

කර්ස් තම ආධාරකරුවන් අමතමින් කියා සිටියේ තමාට රට වෙනුවෙන් වැඩ කිරීමට කදිම අවස්ථාවක් ලැබී ඇති බවය. සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් කර්ස් දැඩි මැතිවරණ පොරොන්දු කිහිපයක් ඉදිරිපත් කර තිබුණි.

ඔවුන්ට ලබා දෙන සහන අවම කරවීම සහ සංක්‍රමණික නීති දැඩි කිරීම ඒ අතර වේ. මහ මැතිවරණයට ඉදිරිපත් වීමට පෙර ඔහු යුරෝපයේ ලාබාලතම විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *