අඩු පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. එය පීඩන අවපාතයක් වෙමින් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතී.

කෙසේ නමුත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වේ.

එසේම උතුර සහ උතුරුමැද පළාත්වලට මෙන්ම මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්වලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සදහන්ය.

දිවයින පුරා අහස වළාතුලින් බරව පවතින අතර දිවයින අවට මුහුදු ප්‍රදේශවල තරමක තද සුළං අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *