එක්සත් ජාතීන් සහ අන් ආයතන සමඟ අඛණ්ඩව කටයුතු කරනවා – ඇමති මංගල

(කොළඹ, ලංකාපුවත්) – 2030 වන විට ‘තිරසාර සංවර්ධන අරමුණු හා ඉලක්ක’ වෙත ළඟා වීම සඳහා රජයේ ප්‍රතිපත්ති උපාය මාර්ගය සමඟ එක්සත් ජාතීන් හා අනෙකුත් ආයතන සමඟ ශ්‍රී ලංකාව අඛණ්ඩව කටයුතු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වොෂින්ටනයේ පැවැති ලෝක බැංකුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික හමුවේ දීය.

පවත්නා විශේෂිත ගැටළු විසඳීම සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව අතර ක්‍රියාකාරී සංවාදයක් සහ සහයෝගීතාවයකින් යුතුව වෙනස් වන ගෝලීය ආර්ථිකයට බහු පාර්ශ්වික ක්‍රමවේදය අනුගත කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. ‍

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය සිකුරාදා ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටනයේ දී ලෝක බැංකුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික හමුව ඇමතුවේය.

මංගල සමරවීර මහතා පුළුල් සංවර්ධන ක්‍රමෝපාය පිළිබඳ යළිත් අවධාරණය කරමින් ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයාගේ එක්සත් රජයේ අරමුණ ප්‍රජාතාන්ත්‍රීකරණය, සංහිඳියාව , තිරසාර හා සමානාත්මතාවයෙන් යුතු සංවර්ධනයක් ඇති කරලීම බව පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *