සාක්ෂි නිල වශයෙන් විමසා අවසන්.අවශ්‍ය වුවහොත් අගමැතිගෙන් කරුණු විමසනවා – කොමිසම කියයි

(කොළඹ, ලංකාපුවත්) – මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කොමිසම නිළ වශයෙන් සාක්ෂි විමසා අවසන් බවත් අවශ්‍ය වුවහොත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැඳවා විශේෂ සක්ෂි විමසීමක් සිදු කළ හැකි බවත් අද (17) බැඳුම් කර කොමිසමේ සාමාජිකයන් ප්‍රකාශ කළේය.

බැදුම් කර කොමිසම හමුවේ තමන්ගේ නම සඳහන්ව ඇති හෙයින් තමන් බැඳුම් කර කොමිසම හමුවේ අවශ්‍ය නම් සාක්ෂි ලබා දීමට සුදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් මීට පෙර සිදු කොට තිබුණි.

කෙසේ වෙතත් බඳුම් කර කොමිසමේ නිළ කාලය මේ විසි හත් වැනිදායින් (27) අවසන් වන අතර තමන්ගේ නිළ කාලය තවත් මාස 3 කින් දීර්ඝ කරන ලෙස මීට පෙර කොමිසම විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක කර තිබුණි.කොමිසමේ නිළ කාලය මීට පෙරද මාස තුනක කාලයකට දීර්ඝ කර තිබුණි,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *