චීන වැසියෝ මිලියන 60කට වැඩි පිරිසක් දිළිඳුකමෙන් මිදෙයි

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය වසර 05 තුළ චීන වැසියෝ මිලියන 60කට වැඩි පිරිසක් දිළිඳුකමෙන් මුදවා ගෙන ඇතැයි චීන ජනාධිපති ෂී ජින් පින් පවසයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලන‍යේදී චීන ජනාධිපතිවරයා පැවසුවේ ජනතාව කේන්ද්‍ර කර ගත් සංවර්ධන සංකල්පය අනුගමනය කිරීමෙන් පසුගිය වසර 5 තුළ චීන කොමියුනිස්ට් පක්ෂය දිළිඳුකම තුරන් කිරී‍මේදී තීරණාත්මක ප්‍රගතියක් ලබා ගෙන ඇති බවයි.

ඉන් චීන වැසියන් මිලියන 60කට වැඩි පිරිසක් සම්පූර්ණයෙන්ම දිළිඳුකමෙන් මුදවා ගෙන තිබේ.

1986 වසරේ සිට චීනය දිළිඳුකම තුරන් කිරීම සඳහා වැඩසටහන් රැසක් ආරම්භ කළේය.
මේ සියවස මුලදී චීනයේ වාර්ෂිකව දිළිඳුකම තුරන් කිරීමේ ජනගහණය මිලියන 6ක් පමණ විය.

පසුගිය වසර 5 තුළ වාර්ෂිකව එම සංඛ්‍යාව මිලියන 10 දක්වා වැඩි වී තිබේ. මෙය පෙර නොවූ විරූ ප්‍රගතියකි.

චීනයේ විශාලතම දේශපාලන පක්ෂය වන කොමියුනිස්ට් පක්ෂයේ සම්මේලනය මේ වන විට බීජිං නුවරදී පැවැත්වේ. ඊට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බවයි වාර්තා වේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ නායක සහ එරට ජනාධිපති ෂී ජින් පින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවට පක්ෂයේ නියෝජිතයන් දෙදහසකට අධික පිරිසක් සහභාගී වී සිටිති. සෑම වසර පහකටම වරක් සම්මේලනය පැවැත්වෙන අතර එහිදී චීනයේ මීළග නායකයා ලෙස පත් කර ගන්නේ කවුරුන්ද යන්න තීරණය කෙරේ. මෙවර එය පැවැත්වෙන්නේ දහනව වන වරටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 − 11 =