හින්දු බැතිමතුන් අද දීපාවලි දිනය හරසරින් සමරයි

(කොළඹ, ලංකාපුවත්) – ලොව පුරා හින්දු බැතිමතුන් අද(18) දීපවාලි උත්සවය මහත් හරසරින් සමරනු ලැබේ.

එහි අරමුණ, නරකට එරෙහිව ජයග්‍රහණය සැමරීම හා අධ්‍යාත්මික ප්‍රබෝධයයි.

ක්‍රිෂ්ණ දෙවිදුන් සහ නරගාසුරන් අතර ඇතිවූ යුද්ධයේ දී නරගාසුරන් මිය ගියා.

තමා මියගිය දිනය ලෝකවාසීන් සැමරිය යුතු බව, නරගාසුරන් ක්‍රිෂ්ණ දෙවිදුන් හට ප්‍රකාශ කර සිටි බව පුරාවෘත්තයේ සඳහන් වේ. එය දීපාවලී දිනය නමින් හින්දු බැතිමතුන් විසින් සමරනු ලැබේ.

පහන් දල්වා නිවෙස් අලෝකවත් කිරීම, රසකැවිලි බෙදාගැනීම ආදී ක්‍රියා පිළිවෙත් මේ දිනයේ දී සිදු කෙරේ. උදෑසනම කෝවිල් වෙත යන හින්දු බැතිමතුන් පුද පූජාවන්ට සහභාගී වන අතර, විශේෂයෙන් විෂ්ණු කෝවිල්වල දීපාවලී පූජා පැවැත්වේ.

දීපාවලිය, ‘අලෝකයේ උත්සවය’ ලෙස ද හැදින්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × five =