එක්දින තරගාවලියේ ජය පාකිස්තානයටද? තීරණය අද

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තුන්වන එක්දින ක්‍රිකට් තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද(18) පැවැත්වේ.

දිවා රාත්‍රී තරගයක් ලෙසින් එය පැවැත්වේ.

පෙර තරග දෙකම පරාජයට පත්වූ ශ්‍රී ලංකාව තරගාවලි පරාජයෙන් බේරීමට නම් අද තරගය ජය ගැනීම අනිවාර්යවේ.

පාකිස්තාන කණ්ඩායම තමන් සහභාගි වූ අවසන් එක්දින තරග 9න් 8ක්ම ජයගෙන තිබේ.

නමුත් ශ්‍රී ලංකාව තමන් සහභාගි වූ අවසන් එක්දින තරග නවයම පරාජයට පත්ව ඇති බව ක්‍රිකට් වාර්තා පෙන්වා දෙයි. විශේෂයෙන්ම කුසල් මෙන්ඩිස් ලකුණු අතරට නොපැමිණීම කණ්ඩායමට වඩාත් අවාසි දායක තත්ත්වයක් බව විචාරකයින් පෙන්වා දෙයි.

පාකිස්තාන පිතිකරු බාබර් අසාම් හොඳින් ලකුණු අතර රැඳී සිටීම ශ්‍රී ලංකාවේ පීඩනය තවත් ඉහළ දමන බවයි ඔවුන් පෙන්වා දෙයි.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4.30ට එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේදී ආරම්භවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *